උතුරු දෙසින් පැමිණෙන දේශ සීමාවල ව්‍යාකූල තත්ත්වයේ හා දැනට පවතින කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් අද (29) දිවයින පුරා වායුගුණ තත්ත්ව දර්ශකය ඒකක 86-116 අතර පැවැතිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ, යාපනය, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල වායුගුණ තත්ත්වය තරමක් අයහපත් වනු ඇති බවට අනාවැකි නිකුත් කර ඇත.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් අද ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින්.
