21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70ක වංචාවකට නාමල්ට අධිචෝදනා

ඉන්දියන් ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අදාළ ඉන්දියානු සමාගමකින් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යැයි පවසමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදුකළ බවට  අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව  සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර, එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles