17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

දැඩි කොන්දේසි මත යෝෂිතට ඇප

යෝෂිත රාජපක්ෂ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

ඒ ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී අතර, සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවටද ඇප කොන්දේසි පැනවීය. තවද, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔහුට නියෝග කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ය.

ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ය.

කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතුරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles