2025 වසරට අදාළ පළමු පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනි දා දක්වා ක්‍රියාත්මක වෙයි.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 වැනි දා සිට 11 වෙනි දා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වැනි දා සිට මැයි 09 වැනි දා දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
(නායක බණ්ඩාර)