21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ඉන්දියාවෙන් ගෙනා පළමු ලුණු තොගය දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ළඟා වී ඇත.

පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ අතර, මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු රටතුළ නිෂ්පාදනය නොවන බව අනාවරණය වීමත් සමග ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව පෙබරවාරි 28 වැනි දා දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles