17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් බන්දු එහිදිසිංහ පත්වෙයි

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) භාර දෙන ලදී.

එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ ඉතිහාසයට එක්වන්නේ   ගුවන් හමුදාවේ 20 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ය.

එළැඹෙන ජනවාරි 29 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබ ඇති අතර, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ලබන 29 වැනි  දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ය.

එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණ සූර යන පදක්කම්වලින්ද උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලැබූ ගුවන් හමුදා නිලධාරියෙකි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles