පසුගිය පාලන සමයේ දී අතුරුදන් කළ හා ඝාතනය කළ හා විවිධ අඩංතේට්ටංවලට භාජනය කළ මාධ්‍යවේදීන් පිළිබඳ පරීක්ෂණ කාර්යක්ෂමව සිදුකරන බව රජය පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා ඊයේ(25) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසුවේ එම මාධ්‍යවේදීන්ගේ සිද්ධි පිළිබඳ සිදුකරන පරීක්ෂණ පසුගිය රජයන් නවතා දමා තිබුණු බවත්, ඒවා දැන් නවතා දැමූ තැන්වල සිට ආරම්භ කර ඇති බවත් ය.
ඒවාගේ ඇතැම් පරීක්ෂණවල යම් ප්‍රමාදයක් සිදු වනවානම් ඊට හේතු වන්නේ එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන් එම ස්ථානවලින් ඉවත් කිරීම්, සාක්ෂි විනාශ කිරීම්, සාක්ෂි වසන් කිරීම් වැනි තාක්ෂණික කාරණා බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.
කෙසේ වෙතත් පසුගිය මාස දෙක තුළ දී එම පරීක්ෂණ නැවත අරඹා විධිමත් කර ඇති බවත්, කඩිනම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
(ජනක බලල්ල)