23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

අස්වැසුම පවුල්වල තරුණ තරුණියන්ට ජපානයේ රැකියා

සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ආරම්භ කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේදී පෙරේදා (24) පැවැත්විණි.

ජපන් රජයේ පූර්ණ සහයෝගය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මේ දක්වා රට තුළ ක්‍රියාත්මක නීති විරෝධි විදේශ රැකියා ජාවාරම් වෙනුවට රජයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන මගින් රැකියා අවස්ථා නීත්‍යනුකූලව ලබා දීම වැඩසටහනේ අරමුණ ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් TITP හා SSW කාණ්ඩය යටතේ තරුණ ප්‍රජාව මේ සඳහා යොමු කෙරෙන අතර, IM ජපන් ආයතනයේ සහාය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

විශේෂයෙන් රැකියා සඳහා ජපානයට යන ශ්‍රී ලාංකිකයන් ජපානයේ විවිධ ක්ෂේත්‍රවල දියුණු තාක්ෂණය සමඟ කටයුතු කිරීමෙන් ලබා ගන්නා ප්‍රායෝගික අත්දැකීම් සමග ආපසු පැමිණිමෙන් පසු රටට නැවත ආයෝජනය කළ හැකි වන පරිදි සුදුසු තරුණ තරුණියන් පිටත්කර යැවීම රජයේ ඉලක්කය බව විජිත හේරත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩසටහනට එක්වූ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ අදහස් දක්වමින් පවසා සිටියේ මෙරටට තරුණ තරුණියන් ජපානයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනනානම් JLPT, NAT වැනි ජපන් භාෂා පාඨමාලා හදාරා තිබීම මගින් එය පහසු වනු ඇති බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles