17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව නැවතත් ශ්‍රී ලංකාවට

ඊශ්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් කෘෂි රැකියා කෝටාව නවතා ඇත්තේ පසුගිය රජයේ දේශපාලන මැදිහත්වීමෙන් මුදල් ඉපැයීමට නුසුදුසු පුද්ගලයන් විදෙස්ගත කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති  කෝසල වික්‍රමසිංහ පවසයි.

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 10,000ක් එම රජය මෙරටට ලබා දී තිබුණ් ඉන් පිටත් කර ඇත්තේ 2200දෙනෙක් පමණක් බවත්, ඉන් එහාට ව්‍යාපෘතික ක්‍රියාත්මක කිරීමට එම රජය අකමැති වූයේ එලෙස රැකියා වෙත ගිය පුද්ගලයන්ගෙන් 80%ක්ම නිසි හැකියාව සහ පුහුණු නොමැතිකමින් රැකියා ස්ථාන වලින් පැන ගොස් යෑමත් හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.

කෘෂි රැකියා සඳහා ඊශ්‍රායලයට ගිය පුද්ගලයන්ගෙන් බහුතරයට ඊට ගැලපෙන මනා සෞඛ්‍ය තත්ත්වයක්, පලපුරුද්දක් හා හැකියාවක් නොතිබුණු බව මීට පෙර අනාවරණය වී තිබුණි.

කෙසේ වෙතත් නව රජය ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලක් ලෙස නව කොන්දේසි මත කෘෂි අංශයේ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

එම රැකියා අවස්ථා සඳහා පුද්ගලයන් තෝරාගැනීමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේද සහය ලබා ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.  

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝසල වික්‍රමසිංහ

2023 ඊශ්‍රායලයේ රැකියා සදහා 357දෙනකු හා 2024 දී 2242 ක් ගිහින් තියෙනවා. මේ අය අතරින් 80% ක්ම නිසි හැකියාව සහ පුහුණු නොමැතිකමින් රැකියා ස්ථාන වලින් පැනලා ගිහින්. ඒ නිසා අපි කිසිදු බලපෑමකට යටත් නොවී විනිවිද ආකාරයෙන් නිවැරදි ක්‍රමවේදයට අනුව විදේශ රැකියා සදහා පුද්ගලයන් තෝරා ගන්නවා

(ජනක බලල්ල)

More news>>>

Latest Articles