නීති විරෝධීව ආනයනය කරන ලද සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂාවකදී අළු හුණු (කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්) බැරල් 20ක් තුළ, සිගරට් 420,000ක් මෙලෙස සඟවා මෙරටට ආනයනය කර ඇත.
මෙම බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති අතර, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ පැවසුවේ සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.5 බවය.
(ජනක බලල්ල)