අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගිය වාරියපොළ, හිඳගොල්ල ප්‍රදේශයේ දරුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (25) සවස් කාලෙය්දී බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු වාරියපොළ, හිඳගොල්ල ප්‍රදේශයේ ගල්වලක දිය නෑමට ගොස් ඇති අතර, එහි දී ඔවුන් දෙදෙනාම දියේ ගිළී ඇති බව පොලිසිය පවසයි.
දියේ ගිලුණු දරුවන් දෙදෙනා ඉන් මුදාගත් ප්‍රදේශවාසීන් මොවුන් රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී එක අයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.
මියගිය ඇත්තේ අවුරුදු 13ක දරුවෙක් වන අතර, ප්‍රතිකාර ලබමින් සිටින දරුවා අවුරුදු 16 වයසේ පසුවෙයි.
(නායක බණ්ඩාර)