23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

අත්අඩංගුවට ගත් යෝෂිත 27තෙක් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ලබන 27 වැනි දා තෙක් රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද බෙලිඅත්ත ප්‍රදේශියේ දී සැකකරු අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු කොළඹට රැගෙනවිත් ඇත.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එම නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපති විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදුකර තිබුණි.

ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන් මුදල් ලැබුණු බව පවසමින් යට ගසා තිබූ රත්මලාන මෙම නිවසේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

(ජනක බලල්ල)

0 Comments

More news>>>

Latest Articles