21.5 C
Sri Lanka
Monday, March 17, 2025

“වතු” දෙමළ “උඩරට” දෙමළ ලෙස වෙනස් වෙයි

වතුකරයේ දෙමළ ජනතාව හැඳින්වීමට භාවිත වන ”වතු” දෙමළ යෙදුම වෙනුවට ”උඩරට” දෙමළ යන නාමය භාවිතය කිරීමට රජය තීරණය කර ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දා පැවැති තෛපොංගල් උත්සවයට එක්වෙමින් මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සඳහා ඉන්දියාවෙන් මීට වසර දෙසීයකට පමණ පෙර මෙරටට ගෙන්වූ දෙමළ භාෂාව කතා කරන ජනතාව ”වතු” දෙමළ ලෙස හඳුන්වන අතර, ඔවුන් රට තුළ ඉතා අඩු පොදු වරප්‍රසාද සහ අඩු පොදු පහසුකම් හිමිවන ජනතාවක් බව නොරහසකි.

උතුරු නැගෙනහිර පළාත්වල හා එම ප්‍රදේශවලට නෑදෑකම් කියන දිවයිනේ අනෙකුත් පළාත්වලන වෙසෙන දෙමළ ජනතාව වතුකරේ දෙමළ ජනතාවව සමග සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි.

දිගු කාලයක් තිස්සේ කුඩම්මාගේ සැලකිලි ලබන වතුකරයේ දෙමළ ජනතාව තමන් ”වතු” දෙමළ ලෙස නොව, ”උඩරට” දෙමළ (මලෛගම්) ලෙස පිළිගන්නා ලෙස පැවැති රජයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් මේ වෙන තෙක් ලැබී තිබුණේ නැත.

කෙසේ වෙතත් ඔවුන් “ශ්‍රී ලාංකික දෙමළ” ලෙස හැඳින්වීම පිළිබඳ මේ වන තෙක් එකඟතාවන් පල වී නැත.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles