ලබන වසරේ දී පොල් පැළ මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.
දැනට පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන්නේ කුරුණෑගල හලාවත හා කොළඹ පදනම් කරගෙන වන අතර, ඉදිරියේ දී උතුරු පළාත තුළ නව පොල් ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සහ, මාතලේ ඇතුළු උඩටර ප්‍රදේශවල ද ඉඩම් හඳුනාගෙන පොල් වාගා කිරීම පිළිබද ජනාධිපතිවරයාගේ උඵදෙස් මත රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිත ය.
(නායක බණ්ඩාර)