17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

5හේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයන් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබේ.

ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%කි.

ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන ඇති අතර, දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා දරුවන් 18 දෙනෙක් ලකුණු 186 ලබා ගෙන ඇත.

එමෙන්ම විභාගයට පෙනී සිටි දරුවන් 37.70% ප්‍රමාණයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන ඇත.

පහත සබැඳියට පිවිසීමෙන් ප්‍රතිඵල නැරඹිමට හැකිය.

https://www.doenets.lk/examresults

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles