21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය ලෙසයි සටහන් වෙන්නේ.

මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර, නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් වුණි.

මෙවර නිලවරණය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය පමණක් නාම යෝජනා භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2023-2025 කාල සීමාව සඳහා පැවති නිලවරණයේදී ෂම්මි සිල්වා නිතරගයෙන් තේරී පත්ව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාලය ලබාදී  තිබේ.

(චම්ලි බලල්ල)ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

More news>>>

Latest Articles