17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අඩුකළ ආරක්ෂාව යළි ඉල්ලා මහින්ද අධිකරණයට

ඉවත් කළ ආරක්ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, වැඩබලන පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු 29 දෙනෙකු නම් කර ඇත.

මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් ඔහු සිය පෙත්සම මගින් පෙන්වා දෙයි.

තවද, දශක තුනක් පමණ පැවැති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණපා සිටින අයකු වන අතර, ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

නිසි ආරක්ෂක තක්සේරුවක් නොකොට සිය ආරක්ෂක සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියලු නිලධාරීන් අත්තනෝමතික ලෙස ඉවත් කර ඇති බව මහින්ද රාජපක්ෂ සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම කරුණු මත වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, තම ආරක්ෂාව පිළිබද නිසි ඇගැයීමක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles