17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ICCය වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24)  නම්කළේය.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත.

එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්ය.

ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන ඇති අතර  ඔහුට අංක 4 ස්ථානය හිමිව ඇත.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අංක 8 ස්ථානයට නම්කර ඇත.

ICC 2024 වසරේ එක්දින කණ්ඩායම

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles