රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ ආනයනික බහාලුම් 323 හි වගකීම රජයට භාර ගැනීමට සිදුවන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසා තිබේ.
හෝමාගම ඩිපෝ සංකීර්ණයේ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
“නිර්ණායක අනුව තමයි මේ වැඩේ කරන්නේ. මේ කියන තුන්සිය ගණනත් එළියට දැම්මේ තුන්දෙනෙකුගේ කමිටුවක් හරහා. වරායට එන කන්ටේනර් 2000ම අපිට කවදාවත් පරීක්ෂා කරලා එළියට දාන්න බැහැ. ඒ නිසා අපි යම්කිසි ප්‍රමාණයක් නිදහස් කරනවා. අලුත් අංගනවලට යන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ”
(චම්ලි බලල්ල)