17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල ඔඩිසි e-ටිකට් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  තිබේ  .

තාක්ෂණික නිලධාරියා සතුව තිබී දුම්රිය e-ටිකට්පත් 92 ක්ද හමුව ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට්පත් විදේශ සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟ තබා ගත් බවට කරුණු අනාවරණය වී ඇත.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන  තිබේ  .

ඇල්ල ඔඩිසි e-ටිකට්පත් විකිණීමේ ජාවාරමේ යෙදුන තවත් සැකකරුවෙක් ඊයේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර මෙතෙක් මෙම ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළගොස් ඇත.

මේ අනුව, e-ටිකට් පත් චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරයි.

සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles