17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සීමා කරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත.

අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම සහාය කාර්ය මණ්ඩල පත් කරගත යුතුව ඇත.

එම කාර්යාල සේවා නියුක්තිය පහත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණුවලට අනුව සියලු ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

සම්පූර්ණ උපදෙස් මාලාව පහතින් දැක්වේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles