21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ආදිවාසීන්ගේ ගැටලුවලට මාස 3න් විසඳුම්

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පවසා තිබේ  .

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන්  පැවැත්විය.

ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට  පවසා තිබේ  .

වැදි ජනතාවගේ ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වනවිට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කර ඇති බවය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles