21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල කඩිනමින්

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

ශිෂ්‍යත්වය විභාගය සමග ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බව ද අගමැතිවරිය පවසා තිබේ.

“ඇත්තටම අපි අවාසනාවන්තයි මේකට මෙච්චර කාලයක් ගිය එක ගැන. නමුත් ඒකට හේතුව වුණේ, පහ වසර විභාගය සමග පැන නැඟුණ අර්බුදය සමග ඇති වු උසාවි නියෝගය නිසයි අපිට ප්‍රශ්නපත්‍ර ඇගයීම අත්හිටුවන්න සිදුවුණේ. අපි ඉතා ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles