පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දමා ඇත.
අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඒ බව සඳහන් කළේය.
ඒ අනුව එය මෙතෙක් පැවතියේ රුපියල් 450 ක අගයක වන අතර මුදල රුපියල් 1550කින් ඉහළ ගොස් තිබෙන බවය.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා ඇති අතර තේ එකක මිල රුපියල් 200ක් දක්වා ඉහළ දමා තිබේ.
කෙසේ නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත මෙම මිල ඉහළ දැමීම සිදු නොවන බවයි ගෘහ කාරක සභාවේ කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක වැඩිදුරටත් සඳහන් කර තිබේ .
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(චම්ලි බලල්ල)