23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර  ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.

පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය.

පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව නීත්‍යානුකූලව තමන් සිය රාජකාරී කටයුතු සිදුකරන බව ජාතික පොලිස් කොමිසම මෙහිදි ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

පොලිස් කොමිසමේ වැඩ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති ජනධිපති අනුර කුමාර දිසානායක එහි කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවට ද සහතිකයක් ලබා දී තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles