23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

අද කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(23)   නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඇති විය හැකි බව ය.    

උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය  බව ය.

මීට අමතරව    මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. 30-40ක  අතර තරමක තද සුළං ඇතිවිය හැකි  ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

More news>>>

Latest Articles