17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියකු වන අනිල් භාරතී අභාවප්‍රාප්ත වී  තිබේ.

මියයන විට ඔහු 75 වන වියේ  පසුවුණි.

මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පුරේ, ටිකිරිමලී පාසල් යන, අදවෙයි ඉරු දින ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර   තිබේ.

අනිල් භාරතී ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

අනිල් භාරතී මහතා මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles