ශ්‍රී ලංකාවේ, සෞදි අරාබි රාජ්‍යයේ තානාපති, කාලීඩ් හාමඩ් නසර් අල්කතානි සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර හමුවක් පසුගියදා (17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ද එක්ව ඇත.
අල්කතානි තානාපතිතුමන් විසින් කථානායකතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට මේ වසරේ දී, වසර 50ක් සපිරෙන බව සිහිපත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා සෞදි රජයේ සහය ලබාදෙන බව තානාපතිතුමන් වැඩිදුරටත් කියා තිබේ.
දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය ඇඟයීමට ලක් කළ කථානායකවරයා, කෘෂිකර්මාන්තය, කාර්මික අංශය සහ සංචාරක යනාදී ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා සෞදි අරාබි රාජ්‍යයේ සහය අපේක්ෂා කරන බව අවධාරණය කර තිබේ.
එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(චම්ලි බලල්ල)