21.5 C
Sri Lanka
Monday, March 17, 2025

එකම ගිණුමකට බැරවෙන NPP මන්ත්‍රී දීමනාව

ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා තිබේ.

“නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි වැඩියෙන් ජනතාවට සේවය කළ හැකි අවස්ථාවක් ඉන් උදාවෙන බවත් කියා සිටියේය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles