හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම දැනුම්දීම සිදුකළේය.
(චම්ලි බලල්ල)