21.5 C
Sri Lanka
Monday, March 17, 2025

IMF ගිවිසුම ගැන රජය විසින් සමාලෝචනයක්

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව  අද (21) පාර්ලිමේන්තුවේදී   මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සඳහා උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම ද ඇතුළත් බව ඔහු පැවසීය.

මෙම සහනය අස්වැසුම නොලබන පවුල්වල දරුවන්ට ද විවෘත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles