17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අමෙරිකා​වේ TikTok තහනම ඉවත​ට

අමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් වී පැය 12 කට පමණ පසු යළි TikTok යෙදවුම වෙත පිවිසීමට අමෙරිකානු ජනතාවට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව නව ජනාධිපති ලෙස අද (20) දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් එම පියවර ගෙන ඇති බවය.

TikTok යෙදවුම විසින් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ජනාධිපති ට්‍රම්ප්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, TikTok නැවත එක්සත් ජනපදයට පැමිණ ඇති බවය.

ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හේතුවෙන් අමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles