21.5 C
Sri Lanka
Monday, March 17, 2025

උඩරට දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන විමර්ශන ක්‍රියාත්මකයි

උඩරට දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා තිබේ.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය දක්වා වන සැපයුම වැඩි කිරීම සඳහා පෙබරවාරි 01 වැනිදා සිට නව දුම්රියක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවය.

ප්‍රවේශපත්‍ර සඳහා තාක්ෂණික සේවා සපයන ආයතනය සමඟ පසුගියදා සාකච්ඡාවක් පැවති බවත්, එහිදී තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ එංගලන්තය සහ සිංගප්පූරුවෙහි සංචාරක සේවා සපයන ආයතන කිහිපයක් විසින් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ඇති බවද, මෙරට E-mail ලිපින කිහිපයක් හරහා ද ප්‍රවේශ පත්‍ර 05 බැගින් වෙන් කරගෙන ඇති බවට අනාවරණය වූ බවද, අදාළ තොරතුරු සියල්ල විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති බවද නි නියෝජ්‍ය අමාත්‍යවරයා   වැඩිදුරටත් සඳහන්  කර තිබේ  .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles