පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ලබන මස පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
නීති විරෝධි ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධ චෝදනාවලට අදාලවයි ඔහුට එලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
මේ වනවිට මෙම සිද්ධියට අදාළව සේනසිංහ ඇප මත මුදාහැර ඇත.
අදාළ වාහනය, විකිණීම, වෙනස් කිරීම හෝ අන්සතු කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත්කර තිබේ.
(චම්ලි බලල්ල)