21.5 C
Sri Lanka
Monday, March 17, 2025

වික්ටර් අයිවන් දිවිසැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ඔහු ගාල්ල, කපුහෙන්පොළ නිවසේ දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

1949 වසරේ ජුනි 26 වැනි දා උපත ලැබූ ඔහු මියයන විට 75වැනි වියේ පසුවිය.

80 දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පත නිර්මාණය කරමින් එහි ආරම්භක කතෘවරයා ලෙස ශ්‍රී ලංකාවේ පුවත්පතට ගවේෂණාත්මක ප්‍රවේශයක් ලබා දීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් නිරන්තරයෙන් මෙරට ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා සමාජයීය පැතිකඩයන් දෙස තියුණු ඇසකින් බැලූ මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටය.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති ඔහු පසුව ස්වාධින දේශපාලන විචාරකයකු ලෙස තම පෑන හැසිරවූ අයෙකි.

71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින ඔහු අතින් ලියැවුණු ආන්දෝලනාත්මක දේශපාලන කෘති වන අතර, පවුල, කුලය ද පාඨක ප්‍රසාදය දිනූ කෘති අතර වේ.

ප්‍රසන්න විතානගේ අතින් අධ්‍යක්ෂණය වූ උසාවිය නිහඩයි සිනමා පටය මගින් වික්ටර් අයිවන් සතු සුවිශේෂ ගුණාංගයක් සමාජගත කරයි. ඒ සමාජ සාධාරණත්වය හමුවේ  අධිකරණ වුවත් අභියෝගයට ලක්කිරීමට අති ජනතා අයිතියයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles