17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත කිරීමට තීරණය වී ඇති අතර පැයකට පසු එම වාන් දොරටු අඟල් 12ක් දක්වා විවෘත කිරීමට සිදුවනු ඇති බවත් සඳහන් වේ.

මේ හේතුවෙන් එම ජලාශය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අදාල අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles