23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර 15ක් අද දිනයේදී අවලංගු කර තිබේ.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් පසුගිය දින දෙකේදීද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3න් පසු යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles