17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

මුහුණට මුහුණ ගැටුණු බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් 61 දක්වා ඉහළට

මාතර ගන්දර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 61 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ බව  මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ පවසා ඇත.

අනතුරින් විදෙස් ජාතිකයෙක් සහ කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුර සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අනතුරින් පසු අවහිර වූ මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බවද ඔහු පැවසීය.

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර අද (19) පෙරවරුවේ සිදුව  තිබේ  .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles