23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට දැඩි බලපෑම්

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය 15 වනදා සිට මේ දක්වා පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුර, කිලිනොච්චිය, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

එම දිස්ත්‍රික්කවල පවුල් 319කට අයත් පුද්ගලයින් 603 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර අයහපත් කාලගුණයෙන් කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නිවාස 4ක් අර්ධ ලෙස හානි වී ඇති බවද සඳහන් වේ.

එමෙන්ම එම දිස්ත්‍රික්කවල පවුල් 71කට අයත් පුද්ගලයින් 200 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles