17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය අද සිට

වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද (18දා) ආරම්භ විය.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6ක් පැවැත්වෙන අතර, ඉන් සමාරම්භක තරගය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටය ‘A’,’B’,’C’ හා ‘D’ ලෙස කාණ්ඩ 4කින් සමන්විත වේ.

මූලික වටය ජනවාරි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන තුන හිමිකරගන්නා කණ්ඩායම් දෙවන වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව මෙහි ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, ඒ යටතේ ඔවුන් ක්‍රීඩාකරන පළමු තරගය සත්කාරක මැලේසියාවට එරෙහිව හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

2023 වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ මෙම තරගාවලියේ මංගල T20 ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

More news>>>

Latest Articles