21.5 C
Sri Lanka
Monday, March 17, 2025

දකුණු කොරියාවේ සෝල් අගනුවර දැවැන්ත විරෝධතාවක්

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී ඇත.

හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල්  ධුරයෙන් පහ කළේය.

කෙසේ නමුත් ඉන් පසුව දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් උද්ගත විය.

අනතුරුව රජයට එරෙහිව කැරළිගැසූ බවට නඩු විභාගයක් ආරම්භ කළ නමුත් එම නඩු විභාගය කැඳවූ අවස්ථා තුනකදීම යුන් සුක් යෝල් එය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව  ඇත  .

දහස් ගණනක විරෝධතාකරුවන් හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර  තිබේ  .

කෙසේ වුවද ඔහු මෙතෙක් විමර්ශන සඳහා සහාය දක්වා නොමැති අතර ප්‍රශ්න කිරීම්වලදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන්.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles