21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ගාසා සටන් විරාමයට ඊශ්‍රායල රජයේ අනුමැතිය

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ඊශ්‍රායල රජය අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ අනුව, ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය තීරණය කිරීමට නියමිතව තිබුණු අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ අනුව ඉරිදා සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බවය.

ගිවිසුම අදියර තුනකට බෙදා ඇති අතර, ඊශ්‍රායල සිර ගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් ගණනාවක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කිරීමෙන් එය ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුවී ඇති අතර, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් කාන්තාවන් සහ ළමුන් 65 ක් ඇතුළුව පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් ඇති බවයි සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles