23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

වසර 18කට පසු අද ඇරඹෙන කොදෙව් පාකිස්තාන සටන

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පළමු තරගය මුල්තාන්හිදී අද (17) ආරම්භ වීමට නියමිතව ඇත.

තරග 2කින් සමන්විත මෙම තරගාවලිය, ICC ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වේ.

අද ආරම්භවන තරගයේ විශේෂත්වය වන්නේ මෙය වසර 18කට පසු දෙරට අතර පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වීමයි.

අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2006 වසරේදීය.

එවක කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා මෙහෙයවා ඇත.

කෙසේ නමුත් තරග 3කින් සමන්විත වූ එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට සමත් වූයේ ඉන්සමාම් උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි.

2006 වසරෙන් පසුව පාකිස්තාන කණ්ඩායම බ.ඉ. කොදෙව් කණ්ඩායමට සත්කාරකත්වය ලබාදුන් සෑම ටෙස්ට් තරගයක්ම පත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles