23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කර තිබේ.

ඒ රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙර තිබේ.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles