ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව , බැංකු සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් එක්ව සහන පැකේජය සකස් කර තිබේ.
ඒ සඳහා අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල සහාය ද ලැබී ඇත.
බලපත්‍ර ලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019 අප්‍රේල් පළමු වන දින හෝ ඉන් පසුව අදියර 3 කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති ව්‍යවසායකයන් අදාළ ලේඛන සමග ලබන මාර්තු 31 වනදාට පෙර අදාළ බැංකු ඒකක සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම් එය ඔහු අදාළ සහන පැකේජයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන බවයි සඳහන් වෙන්නේ .
කාණ්ඩ තුනක් යටතේ විශේෂ සහන ක්‍රියාමාර්ග යෝජනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
(චම්ලි බලල්ල)
