21.5 C
Sri Lanka
Monday, March 17, 2025

අද කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(16) නිවේදනය කළේ    උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක  තද වැසි ද බලාපොරොත්තු වේ.

මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක  අතර තරමක තද සුළං ඇතිවිය හැකි  ය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත්   ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

More news>>>

Latest Articles