23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ජනපතිගේ චීන සංචාරයේ 3නි දිනය අදයි

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක මෙම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles