21.5 C
Sri Lanka
Monday, March 17, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් අධ්‍යයනය අදින් අවසන්

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු අතර එය පසුගිය 10 වන දිනෙන් අවසන් වුණි.

එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

විදුලි ගාස්තුව 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමේ දී  අනාවරණය වී තිබේ.

ඒ අනුව එම සියලු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු ද? නැද්ද? හෝ ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයකින් ද? යන්න පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (17) දිනයේ නිකුත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles