ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම ඊයේ(15) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කර තිබේ.
ඒ අනුව පෙබරවාරි මස 19 වැනි දින එම මැතිවරණය පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන අය තරග කරනු ඇති.
(චම්ලි බලල්ල)