ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන අගමැති ලී ච්‍යං අතර නිල හමුවක් අද (16) පැවැත්වුණි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය අතරතුරදීය.
චීන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කර තිබේ.
(චම්ලි බලල්ල)